Home Local PUCSL අනුමැතිය නොමැතිව LNG ටෙන්ඩරය චීන සමාගමට දුන් බව අධිකරණයේදී හෙළිවෙයි

PUCSL අනුමැතිය නොමැතිව LNG ටෙන්ඩරය චීන සමාගමට දුන් බව අධිකරණයේදී හෙළිවෙයි

363
0

කෙරවලපිටිය මෙගාවොට් 350 LNG විදුලි බලාගාර ටෙන්ඩරය GCL නැමති නැමැති චීන සමාගමට පැවරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය තවම ලබාදී නැත.

එම ටෙන්ඩරය නීති විරෝධී ලෙස චීන සමාගමට පැවරීමට එරෙහිව ”ලක්දනවි” නමැති දේශීය සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව දැනුම් දුදෙනු ලැබුවා.

විදුලිබල පනතට අනුව විදුලි බලාගාරය ඉදිකිරීමට අදාළ ටෙන්ඩරයක් පැවරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.

නීතිමය තත්වය එසේ තිබියදී කෙරවලපිටිය විදුලි බලාගාරය චීන සමාගමට පැවරීමට රජය තීරණය කර ඇති බවත් එම තීරණය උසාවියට ගොනු කර ඇති බවත් නඩු දිනයේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ගුණතිලක ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙනු ලැබුවා.

එම විදුලි බලාගාර ටෙන්ඩරය රුපියල් බිලියන 85ක පමණ වැඩි මුදලකට චීන සමාගමට පැවරීමට සූදානම් වන්නේ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා නොගෙන නීති විරෝධීව බැවින් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක් පැවැත්විය යුතුයැයි ලක්දනවි සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියා.

පෙත්සම විභාග කිරීමට කල් වේලා මදිවූ බැවින් ලබන මැයි 21 වනදා පෙත්සම යළි සලකා බැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය සහ එස්.තුරෙයි රාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාග කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here