Home Local අමාත්‍යංශ වෑන් රථයක් ගාල් කර තිබූ ලොරියක ගැටෙයි – PHOTOS

අමාත්‍යංශ වෑන් රථයක් ගාල් කර තිබූ ලොරියක ගැටෙයි – PHOTOS

202
0

බත්තරමුල්ලේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ක්‍රිඩා අමාත්‍යංශයට අයත් වෑන් රථයක් ගාල් කර තිබු ලොරි රථයක ගැටිමෙන් වෑන් රථයේ ගමන් ගත් නිතිඥවරයෙක් තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (08) උදැසන 6.45ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදියි.

අධික වේගයෙන් ධාවනය වි ඇති වෑන් රථය මාර්ගයේ මංතිරුවෙන් ධාවනය වී මාර්ගයේ පසක ගාල් කර තිබු ලොරි රථයේ ඉදිරිපස ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභහානි සිදු වී ඇති අතර ලොරි රථයටද හානි සිදු වී තිබෙනවා.

වෑන් රථයේ රියදුරාට නින්ද යාම අනතුරට හේතුව වී ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here