Home Local අද සුදු අඳින්නයි කාලගුණය ජනතාවගෙන් ඉල්ලයි

අද සුදු අඳින්නයි කාලගුණය ජනතාවගෙන් ඉල්ලයි

337

ශ්‍රී ලංකාවට ඉහළ අහසේ හිරු මුදුන්ව පවතින නිසා වයඹ පළාත, ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව්, හම්බන්තොට හා මොනරාගල දිස්‌ත්‍රික්‌ක ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (06) උණුසුම් කාලගුණ තත්ත්වයක්‌ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක්‌ යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා ඊයේ (05) සිට 15 වනදා දක්‌වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්‌ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පවතින තද උණුසුම් කාලගුණික තත්ත්වය මත වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා සෙවණ ස්‌ථානවල හැකි පමණ විවේක ගැනීම මෙන්ම නිවෙස්‌ තුළ සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳ වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම ද රථ වාහන තුළදී කුඩා ළමුන් වාහන තුළම රඳවා තබා ගැනීම සහ එළිමහනේ සිටින පුද්ගලයන් අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීමත් සෙවණ ඇති ස්‌ථානවල රැඳීම හා ජලය පානය කිරීමත් අනිවාර්ය කරුණක්‌ විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනව.

පවතින උණුසුම අවම කිරීම සඳහා සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here