Home Local අගමැතිට බොන්න ගෙනා සෝඩා බෝතලයේ රෙදි කෑල්ලක්‌

අගමැතිට බොන්න ගෙනා සෝඩා බෝතලයේ රෙදි කෑල්ලක්‌

466

අගමැති රනිල් වික්‍රමසිංහට පානය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය වෙත ගෙනැවිත් තිබූ රෙදි කැබැල්ලක්‌ සහිත සෝඩා බෝතලය පරීක්‍ෂා කිරීම සඳහා රස පරීක්‍ෂකවරයා වෙත යවා තිබෙනවා.

එමෙන්ම වැලිකඩ පොලිසිය විසින් මේ පිළිබඳව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ද වාර්තා කර ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍යවරයාට පානය කිරීම සඳහා සෝඩා බෝතල් ගෙනැවිත් තිබෙන අතර ඒ එක්‌ බෝතලයක්‌ තුළ අඟලකට වඩා වැඩි ප්‍රමාණයකින් දිග හා පළල ඇති කළු පැහැති රෙදි කැබැල්ල තිබී ඇති බව සඳහන්.

අගමැතිවරයා වෙත බන්දේසියක තබා පසුගිය (02) වනදා මෙම සෝඩා බෝතලය ගෙන යන අතරතුර බෝතලය පතුළේ තිබූ රෙදි කැබැල්ල පාවෙමින් ඉහළට පැමිණෙන අයුරු පාර්ලිමේන්තු සේවකයකු දැක තිබෙනවා.

මෙම සෝඩා බෝතලයේ මූඩිය ඒ අවස්‌ථාවේදී කඩා නොතිබූ බව ද අනතුරුව පොලිස්‌ නිලධාරීන් එය වැලිකඩ පොලිසිය වෙත යවා ඇති බව ද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියා.

මේ පිළිබඳ වාර්තාවක්‌ වැලිකඩ පොලිසිය විසින් ඉදිරි දින කිහිපයේදී තමන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.

අජිත් අලහකෝන් / අකිත පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here