Home Local ETI තැන්පත්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ETI තැන්පත්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

244
0

ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය විසින් අද (04) තම තැන්පතු මුදල් යළි ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ETI ආයතනය, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබෙනවා.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ (ETI) සිය මුදල් තැන්පත් කළ 24,000ක් දෙනාගේ මුදල් මේ වනතුරුත් ලබා දී නැහැ.

වසර ගණනක් ETI ආයතනයේ තැන්පතුවල අවදානම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් අනතුරු අගවා තිබියදී අවශ්‍ය පියවර නොගත් මහබැංකුව අවසානයේ ආයතනය ද්‍රවශීලතා අර්බුදයේ ගිලෙන විට එහි පාලනය භාරගෙන තැන්පත්කරුවන්ට කීවේ ආයතනයට අයත් වත්කම් වෙන්දේසි කරමින් තැන්පතු ගෙවීමට පියවර ගන්නට හැකි බවයි.

එහෙත් මේ දක්වා එම ආයතනයේ වත්කම් සම්බන්ධ පියවර ගැනීමට මහබැංකුව අපොහොසත් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here