Home Entertainment මියගොස් වසරකට පසු ශ්‍රී දේවිට ලැබුණු සම්මානය

මියගොස් වසරකට පසු ශ්‍රී දේවිට ලැබුණු සම්මානය

559
0

පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත් වූ සුරූපි බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී දේවිට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී සම්මානයක් හිමිව තිබෙනවා.

එහි ඇති විශේෂත්වය වන්නේ ඇය මෙසේ සිනමා සම්මාන උළෙලකදී ජීවිතේ එක්වරක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයවීමයි.

මීට පෙර ඇය ‘අයිෆා’ හා ‘සී සිනේ’ සිනමා සම්මාන වලින්ද පිදුම් ලබා තිබෙනවා.

විශේෂත්වය වන්නේ ශ්‍රී දේවි මිය ගිය පසු ඇයට මෙම සම්මානය ද ඇතුළුව තවත් සම්මාන 13ක් හිමිව තිබීමයි.

ලොවක් වසග කළ ඇය විසින් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘මාම්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ද සිනමා සම්මාන උළෙල කිහිපයකදීම හොඳම නිළිය වන්නට ඇයට හැකියාව ලැබී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here