Home Hit මධූෂ් සමග අත්අඩංගුවට පත් නළු රයන් ලංකාවට පිටුවහල් කරයි

මධූෂ් සමග අත්අඩංගුවට පත් නළු රයන් ලංකාවට පිටුවහල් කරයි

494
0

මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය නළු රයන් වැන් රෝවන් ඇතුළු තවත් පස් දෙනෙකු අද (04දා) කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.

 ඔවුන් අද අලුයම 5.25 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 226 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි.

මෙම පිරිස අතර රයන්ට අමතරව චරිත පත්මන් , වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා , පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන අයවූහ.

ටී.‌ෙකේ.ජී. කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here