Home Local ඉබ්බෙකු සොරකම් කිරීමට තැත්කළ සත්වෝද්‍යාන සේවකයින් දෙදෙනාට වැඩ වරදියි

ඉබ්බෙකු සොරකම් කිරීමට තැත්කළ සත්වෝද්‍යාන සේවකයින් දෙදෙනාට වැඩ වරදියි

350
0

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි තාරකා ඉබ්බෙකු සොරකම් කිරීමට උත්සහ දැරූ සත්ත්වෝද්‍යානයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

සත්වෝද්‍යානයේ උද්‍යාන අංශයේ සේවකයින් දෙදෙනෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර ඔවුන් සත්වෝද්‍යානයේ සිටි තාරකා ඉබ්බෙකු සොරකම් කිරීමට උත්සහ දරා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ඉව වැටී සත්වෝද්‍යානයේ ආරක්ෂක අංශ විසින් එය වළක්වා ඇතැයි සඳහන්.

තාරකා ඉබ්බා මේ වනවිට ආරක්ෂිතව සත්වෝද්‍යානය තුළ සිටින බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here