Home Local අප්‍රේල් 15 රජයේ නිවාඩුවට කැබිනට් අනුමැතිය

අප්‍රේල් 15 රජයේ නිවාඩුවට කැබිනට් අනුමැතිය

259
0

සිංහල දමිළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ලබන 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 02 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැබිනට් රැස්වීම පවත්වනු ලැබුවා.

එළඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් 15 වන සඳුදා, 16 වන අඟහරුවාදා සහ 17 වන බදාදා රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

දින 03ක් රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත් කළ හැකිද යන්න මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින් අතර සාකච්ජා වී ඇති අතර ඒ අනුව එක් දිනයක් පමණක් නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here