Home Local කාබයිඩ් ගැසූ කෙසෙල් සොයන්න ජපුර සිසුන්ගෙන් ඇප් එකක්

කාබයිඩ් ගැසූ කෙසෙල් සොයන්න ජපුර සිසුන්ගෙන් ඇප් එකක්

738

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ඉදවන ලද පළතුරු සොයා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක්මත් වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආහාර සැකසුම් තාක්ෂණික සිසුන් මේ වන විට කෙසෙල්වල කාබයිඩ් තිබේදැයි යන්න සෙවීම සඳහා මෙම දුරකතන යෙදවුමෙන් හැකියාව පවතින බවත් ඉදිරියේ දී අඹ සහ ගස්ලබු පළතුරු සඳහා යොදා ගැනීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී ඊයේ (02) සංවිධානය කරන ලද Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනයේ දී මෙම නිමැවුම එළිදක්වන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here