අද (02) සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සදහා නව රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ, ගුවන් පාලම යට වැලිකඩ මංසන්ධියෙන් කොටා පාරට හරවා ඒ ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කිරීමට නියමිතයි.