නවකවදය දරාගත නොහැකිව මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉගෙනුම ලැබූ පළමු වසරේ සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ ශනිල්ක දිල්හාන් විජේසිංහ නැමති 23 හැවිරිදි කුරුණෑගල, කුඹුක්ගැටේ, වඩුවාව ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
23 හැවිරිදි ශනිල්ක මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණික ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
ප්‍රථමයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මාස 6 ක කාලයක් ඉගෙනුම ලැබූ ශනිල්ක පසුව හෝමාගම දියගම තාක්ෂණික ආයතනයේ මාස එක හමාරක කාලයක් පමණ ජාතික විද්‍යා තාක්ෂණික ඩිප්ලෝමාව හදාරා තිබෙනවා.
ඔහු ඊයේ දිනයේදී සිය ගෙවත්තේ ගසක එල්ලී තම ජීවිතයට සමු දී ඇත්තේ දියගම තාක්ෂණික ආයතනයේ ක්‍රියාත්මක නවකවදය සම්බන්ධයෙන් ලිපියක්ද ලියා තබමින්.

නවකවදය හේතුවෙන් ඇති වූ මානසික රෝගී තත්ත්වයට ශනිල්ක කුරුණෑගල ප්රදේහයේ මනෝ වෛද්‍යවරයෙකුගෙන් අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර ලබා ඇති බව කුඹුක්ගැටේ පොලීසිය සඳහන් කළා.
මොහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අද දිනයේ සිදුකර ඇති අතර එහිදී නිගමනය කර ඇත්තේ මෙය ගෙළ වැළලාගැනීම නිසා සිදු වූ මරණයක් බවයි.