Home Local තවත් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු ඩුබායි සිට කටුනායකට

තවත් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු ඩුබායි සිට කටුනායකට

280

සුප්‍රකට පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් විසින් ඩුබායි හී දී පැවැත්වූ උපන් දින සාදයකට සහභාගී වීම සදහා එහි ගොස් සිටියදී එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන සිටි තවත් එම කල්ලි සාමාජිකයන් දෙදෙනකු අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

වීරසිංහ ලංකා සජිත් පෙරේරා සහ මොහොමඩ් සිද්ධීක් මොහොමඩ් සියාම් යන දෙදෙනා එසේ ගුවන් තොටුපළ වෙත එවා ඇති බව සඳහන්.

මොවුන් අද දින අලුයම 4.50ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා භාර ගැනීමෙන් පසුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ නිලධාරීන්හට වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here