ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කර තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා කුමාර් පොන්නම්බලම් ඉදිරිපත් වීමෙන් පසු දෙමළ දේශපාලන පක්ෂ සියල්ලක්ම දකුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සහාය ලබාදී උතුරු – නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමට උත්සාහ කළත් ඒ කිසිවක් ඉටු නොවූ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය බවයි එම මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ.
ජනාධිපතිවරණයට දෙමළ ජාතිකයෙකු මෑත කාලයේ ඉදිරිපත් නොකිරීම නිසා වත්මන් දෙමළ ජනතාවට අභිමානයෙන් යුතුව සිතීමට පොළඹවන දෙමළ නායකයන් නොමැති තත්වයක් පැන නගින බවයි එම මන්ත්‍රීවරුන්ගේ අදහස.
මේ සම්බන්ධයෙන් ඉන්දියාව ද දෙමළ ජනතාවට හිතෛෂී යුරෝපා රටවල් ද නිතර ප්‍රශ්න කළ බැවින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම කෙරෙහි සළකා බලන ලෙස ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රසාදී චතුරංගි ගමගේ