කුමන පුද්ගලයෙක් රටේ පාලනයට පැමිණියද ඉදරි වසර 02 තුළ රට බංකොලොත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වන විට පුද්ගලයන් 14ට එක් රාජ්‍ය සේවකයෙක් බවට පත්ව ඇති බවත් එයද රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
දියුණු රටවල පුද්ගලයන් 100කට එක් රාජ්‍ය සේවකයෙක් සිටින බවත් කියා සිටි මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරියෙදී රට සැලැස්මක් ඇතිව කටයුතු කළ යුතුව ඇති බවයි.