Home Politics TNA දකුණින් තරඟ කිරීමේ සූදානමක්

TNA දකුණින් තරඟ කිරීමේ සූදානමක්

378
0

ඉදිරි මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිරින් බැහැර දිස්ත්‍රික්ක ගණනාවකට තරග වැදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, නුවරඑළිය, බදුල්ල, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඔවුන් සිය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලැසුම්කර ඇති බවයි සඳහන් වන්නේ.

දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් සීමා නොවූ පක්ෂයක් ලෙස සංවිධානය වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවී දෙමළ ජනතාව ජීවත්වන දිස්ත්‍රික්ක වලට ඉදිරිපත් වීම දෙමළ ජාතික සන්ධානයේ සැලසුම බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here