Home Local ශ්‍රීමා දිසානායක දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද

ශ්‍රීමා දිසානායක දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද

345

හිටපු අමාත්‍ය ගාමිණි දිසානායකගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) සිදු කිරීමට නියමිතයි.

ඇයගේ දේහය මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි අමාත්‍ය නවීන් දිසානායකගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඊයේ (31) සහභාගී වුණා.

ශ්‍රීමා දිසානායක මහත්මිය පසුගිය සිකුරාදා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ශ්‍රීමා දිසානායක මහත්මිය, අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ සහ වරුණි දිසානායක මහත්මියගේ මෑණියන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here