Home World රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් මරුට

රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් මරුට

697

අමෙරිකානු රැප් ගායක නිප්සෙ හස්ල් (Nipsey Hussle) වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඔහුගේ රෙදිපිළි අලෙවිසැලට පිටතින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

එහිදි තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි වැදී තුවාල ලැබූ නිප්සෙ හස්ල් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව ලොස් ඇන්ජලීස් ටයිමිස් වාර්තා කරනවා.

මිය යන විට ඔහු 33 වැනි වියෙහි පසුවූවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

නිප්සෙ හස්ල්ගේ ගීත ඇල්බමයක් වන ‘Victory Lap‘ මේ වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම රැප් ඇල්බමය සඳහා නිර්දේශ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here