Home Local මෙවර සා/ පෙළින් කොළඹ සිසුන් 667ක් විභාගය අසමත්

මෙවර සා/ පෙළින් කොළඹ සිසුන් 667ක් විභාගය අසමත්

332

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2018 විභාගයේ ප්‍රතිඵල අනුව වැඩිම සිසුන් පිරිසක් සමත්ව ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවැනි ස්ථානයට වැඩිම සිසුන් පිරිසක් සමත්ව ඇති දිස්ත්‍රික්කය හම්බන්තොටයි.

කොළඹ දිස්ත්‍රික්කය වැඩිම සිසුන් පිරිසක් සමත්ව තිබෙන දිස්ත්‍රික්කය ලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 21,898 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සිසුන් 10,121 දෙනෙක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

මෙහි ප්‍රතිශතය 79.89%කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 16,872 දෙනෙකු පෙනී සිට ඉන් 7,514ක් හෙවත් 79.24%ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 47,106 දෙනෙක් පෙනී සිටි අතර ඉන් සිසුන් 28,036ක් උසස්පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා සිටිනවා.

එය ප්‍රතිශතයක් වශයෙන් 77.735ක් ලෙසයි සඳහන් වන්නේ.

මාතර දිස්ත්‍රික්කයේ 128ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 100ක් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ 667ක් වශයෙන් සිසු පිරිසක් විභාගය අසමත්ව සිටිනවා.

රංජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here