Home Local බොරැල්ල OIC අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථ රියදුරටත් ඇප

බොරැල්ල OIC අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථ රියදුරටත් ඇප

244
0

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක්කර පලා යෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරයේ සිටි ඩිෆෙන්ඩර් රථය ධාවනය කළ රියදුරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කරනු ලැබුවා.

ඒ අනුව නවිදු ඔමේෂ් රත්නායක නැමැති සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුතණුවන් ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු මීට පෙර ඇප මත මුදා හැරීමට අධිකරනය නියෝග කර තිබුණා.

මෙම නඩුව යළි අප්‍රේල් මස 22 වනදා කැදවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here