Home Politics ”දිවදෙකේ දේශපාලඥයින්ට තනතුරු ලැබෙනවා” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

”දිවදෙකේ දේශපාලඥයින්ට තනතුරු ලැබෙනවා” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

614
0

දේශපාලකයින්ට තනතුරු ලැබීමට දිව දෙපැත්තට නැවෙනවා නම් එය සුදුසුකමක් වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ ඊයේ (31) කියා සිටියා.

ඊයේ පෙරවරුවේ බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය බලංගොඩ පියනන්ද නාහිමියන්ට අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් වු අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂනායකවරයා,

“දෙමාපියන් තම දරුවන් ආගමික පසුබිමක හැදිය යුතුයි. සෑම ආගමකටම මෙය පොදුයි. නැතිනම් සිදුවන අකටයුතුකම්වලින් සමාජය පිරිහීමට පත්වෙනවා.

සෑම ආගමකටම අගමික වතාවත්වල යෙදීම සඳහා නියමිත දිනයක් තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික භක්තිකයින් එම දිනයට තම ආගමික ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ ආගමිකවතාවත්වල යෙදෙනවා. නමුත් බෞද්ධයින් එහෙම නැහැ. පෝය දවසට නිවාඩු දුන්නත් ඔවුන් තම දරුවන් සමඟ පන්සල් නොගොස් ගෙදරට වී සිටිනවා.

මෙම තත්වය වෙනස් විය යුතුයි. ඒ සඳහා දෙමාපියන් මුල්විය යුතුයි. තමන්ගේ රට ජාතිය ගැන සිතා දරුවන් ආගමික පසුබිමක හොඳ පුරවැසියන් ලෙස රටට දායාද කිරීමේ වගකීම දෙමාපියන් සතුයි.” යනුවෙන් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here