තම 15 හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2014 වසරේදි මෙම දැරියගේ මව විදේශගත වූ පසු දැරිය සහ ඇගේ මල්ලී පියා සමග ජීවත් වී ඇති බව සඳහන්.
ඊට පසු පියා විසින් වරින් වර දැරිය අපයෝජනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
මේ අතර දැරියගේ මව විදේශයේ සිට නැවත ගමට පැමිණ ඇගලුම් කම්හලක රැකියාවක් ආරම්භ කර ඇති අතර මව රාත්රී කාලයේ සේවා මුර අනුව රැකියාවට ගිය පසු සැකකරු තම දියණිය අපයෝජනය කර ඇති බව මවට දැන ගැනීමට ලැබීමෙන් පසු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු අද (01) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ෆර්හාන් නිසාම්දින්