බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඊයේ (31) පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවා.
බොරැල්ල, කින්සි පාරේ හෝර්ටන් මංසන්ධියේ දී දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය, ත්රිරෝද රථයක ගැටීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මගින් ඔහු 30 වනදා අලූයම 5.00ට පමණ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම අනතුරින් තුවාල ලැබු ත්රිරෝද රථයේ රියැදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්න පරීක්ෂාවට ලක්කිරීමේදී ඔහු බීමත්ව සිට ඇතැයි හෙළි වූ බව පරීක්ෂණ සිදු කරන බොරැල්ල පොලිසිය කියයි.
දිමුත් පොලිස් ඇප මත මුදාහැරුනද ඔහුට අද (01) කොළඹ අලූත්කඬේ අංක 07 මහෙස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව පොලිසිය පවසනවා.
අනතුරින් ත්රිරෝද රථයට දැඩි හානි සිදුව ඇතැයි සඳහන්.
දිමුත් කරුණාරත්න මෙම වසරේ ජුනි, ජුලි මාසවල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මෙහෙයවීමට පත්කිරීමට තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්රීඩකයන් අතර ඉදිරියෙන් ද සිටිනවා.
අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටින ත්රිරෝද රථ රියැදුරුගේ තත්ත්වය බරපතළ නොවන බවයි කොළඹ ජාතික රෝහලේ ප්රකාශිකාවක කියා සිටියා.