Home Local ඇමති සජිත්ට ”ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” සම්මානය

ඇමති සජිත්ට ”ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” සම්මානය

318
0

ආගමික මූලස්ථානයකින් ලබාදෙන ගෞරව නාමය ඉතා වැදගත් හා උසස් බවත් තම පියාගේ අඩිපාරේ යමින් සිදුකරනු ලබන ජාතික හා ආගමික සේවාව අගයමින් සජිත් ප්‍රේමදාසට මල්වතු මහ විහාර පාර්ශ්වය මගින් මෙවැනි ගෞරව නාමයක් පිරිනැමීම රජය මගින් පිරිනමන ගෞරව නාමයකට වඩා වැදගත් අවස්ථාවක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහනුවරදී කියා සිටියා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාර පාර්ශ්වය මගින් ”ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමය පිරිනැමීම ඊයේ (31) මල්වතු මහ විහාරයේ පැවැති උත්සවයකදී සිදුකෙරුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම අදහස් පලකළා.

සජිත් ප්‍රේමාදාස හට මෙම ගෞරව නාමය මල්වතු මහ විහාරය මගින් ලබාදීමට තීරණය කළේ ඔහුගේ චරිතය මෙන්ම ජනතා සේවය සැලකිල්ලට ගෙන බවත් ඔහුගේ පියාණන්ගේ අඩිපාරේ යමින් විශාල ජන මෙහෙවරක් සිදුකරමින් සිටින බවත් ආණ්ඩුවේ සාමාජිකයෙකු මෙලෙස ගෞරව නාමයකින් පිදුම් ලැබීම ආඩම්බරයට කරුණක් බවත් අගමැතිවරයා එහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here