Home Local විදුලිබලේ හදිසි විසන්ධි කිරීමක් නිසා හෙට කොළඹ පැය 24ක ජල කප්පාදුවක්

විදුලිබලේ හදිසි විසන්ධි කිරීමක් නිසා හෙට කොළඹ පැය 24ක ජල කප්පාදුවක්

338

හෙට(30) උදෑසන 9 සිට 31 වන දා උදෑසන 9 දක්වා පැය 24කට කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන නගර කීපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි විසන්ධි කිරීමක් හේතුවෙන් සහ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙම ජල කප්පාදුව සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here