විදුලි කප්පාදුවට එරෙහිව වෙනිසියුලාව තුළ උද්ඝෝෂණ පැවැත්විමට එරට විපක්ෂය තීරණය කර තිබේ.
වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ විසින් මෙම විරෝධතා කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය සදුදා දිනයේ සිට වෙනිසියුලාව තුළ පැවැති විදුලි ඇණහිටීම් හේතුවෙන් රෝහල්වලට, පොදු ප්‍රවාහන සේවයට මෙන්ම ජල සැපයුමට ද බලපෑම් එල්ල වී තිබුණි.
කෙසේවෙතත් විදුලි ඇණහිටීම්, වෙනිසියුලානු විපක්ෂය සහ අමෙරිකාවේ සැලසුමක් බවට ජනාධිපති නිකොලොස් මදුරෝ චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.