Home Local ලංවිම ඉංජිනේරුවෝ වැස්ස ඉල්ලා පැන් පූජාවක

ලංවිම ඉංජිනේරුවෝ වැස්ස ඉල්ලා පැන් පූජාවක

368
0

නිසිකලට වැසි ලැබී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවත්වන පැන් පූජාව අද (28) සහ හෙට (29) දෙදින අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පවත්වනු ලබනවා.

මෙහිදී බලාගාර ආශ්‍රිතව ජලාශ වලින් ලබාගන්නා පැන් ශ්‍රී මහා බෝධීන්ට පූජා කෙරෙන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ අනුව අද පස්වරු 03ට පැන් කළ සහිත රිය පෙරහැර ගල්කුලම විහාරස්තානයට පැමිණෙන අතර එතැන් සිට එම පැන්කළ රුවන්වැලි සෑයට වැඩම කරනු ඇති.

අනතුරුව පස්වරු 06.30 සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළදී ගිලන්පස පුජාවක් පවත්වනු ලබන අතර පස්වරු 07ට රුවන්මැලි සෑයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පෙත්මග පහන් දැල්වීමත් පස්වරු 08.15ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පූජාවක් සිදු කෙරෙන බව ලංවිම සඳහන් කර සිටිනවා.

මේ අතර හෙට පෙරවරු 06ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සතර වාහල්කඩ කිරි ඉතිරවීම හා පෙරවරු 10.30ට උඩමළුව විහාරස්ථානයේ දී සාංඝික දානයක් ද පැවැත්වීමට නියමිතය.

රන්ජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here