Home Hit ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි

ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි

1279

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය වන වැගන් ආර් (wagon r) මින් ඉදිරියට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසනවා.

2019 අයවැයෙන් රථ වාහන සඳහා වන බදු ඉහළ දමා ඇති මොහොතක වැගන් ආර් රථ ආනයනය නතර කිරීම නිසා මෙරට රථ වාහන කර්මාන්තය කඩා වැටෙනු ඇතැයිද ඔහු සඳහන් කර සිටියා.

ඔහු එම අදහස් පළ කළේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කොළඹදී ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ජපානයෙන් මේ වන විට වැගන් ආර් රථ 55,000කට අධික සංඛ්‍යාවක් ආනයනය කර ඇති බවත් ඉන් 50,000කට අධික ප්‍රමාණයක් හයිබ්‍රිඩ් රථ ලෙස සලකා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති බවත් මෙරිංචිගේ පවසා සිටියා.

එහෙත් රේගුව විසින් වැගන් ආර් රථ පෙට්රල් වාහන ලෙස සලකා රථ සියල්ල නිෂ්කාශනය කිරීම නිසා රුපියල් 1,25,000ක අමතර බද්දක් ගෙවීමට සිදුවන බවද ඔහු කියා සිටියා.

ඒ අනුව වැගන් ආර් රථයකින් රුපියල් 16,25,000 බදු අය කරන බවද එම බද්ද මීට වසර 04කට පෙර පැවැතියේ රුපියල් 8,25,000 ප්‍රමාණයකට
බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන කියා සිටියේ,

”මෙවර අයවැයෙන් වාහන ආනයන බදුවලින් රුපියල් මිලියන 48,000ක් අපේක්‍ෂා කරන බවත් එය සමස්ත බදු ආදායමෙන් 38%කි. වාහන ආනයනය කඩා වැටුණොත් සියලු බදු අහිමි වී රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති විය හැකියි.”

රේගුව අසාධාරණ ලෙස වැගන් ආර් රථ සඳහා අය කරන බදු නතර කිරීමට මුදල් අමාත්‍යාංශය මැදිහත්විය යුතු බවද ඔවුහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here