Home World බෘස්ලි මරාදැමුවාද ?

බෘස්ලි මරාදැමුවාද ?

702

අදටත් සටන් නිසාම අතිශයින්ම ජනප්‍රිය නලුවෙක් වේනම් ඒ බෘස්ලියි. 1973 ජුලි 20 බෘස්ලි මරණයට පත්වු දිනයයි .මරණයට පත් වෙන විට ඔහුට අවුරුදු 32 කි.ඔහුගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත ඇත. ඇලජික් රියැක්ශන් එකක් , හෘදයාබාධයක්, ඝාතනයක්, සාපයක් ආදි විවිධ කතා ඇත.
ඔහුගේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ enter the dragon ෆිල්ම් එක නැවත හඩකැවිම් කරන විටයි.

ඔහු වරක් හඩකැවිම් කරන අතර තුර කලාන්ත වෙනවා . අධික හිසරදය හා සිහිනැතිවිම් සිදු උනා . රොහල්ගත කෙරු පසු මොලයේ සෙරිබ්‍රල් පටල වල ඉදිමාවක් යනුවෙන් නිගමනය උනා . පසුව ප්‍රතිකාර කරන ලද අතර හොඳ උනා .පසුව ඔහු හොන් කොන් වෙතට ආවෙ ඔහුගේ අලුත් චිත්‍රපටයේ නිශ්පාදකයා හමුවිම සදහා යි. එහිදී තායි නිලියක් වු betty ting pei හමුවෙනවා ඒ ඇයගේ නවතැනෙදි. 
ඉන්පසුව බෘස්ලිට යලිත් දරුණු හිසරදය එනවා .එහිදී ඇය ඔහුට Equagesic නම් pain killer එකක් ලබා දෙනවා 
එය aspirin + tranquilizer අඩංගු බෙහෙතක් . ඉන්පසුව පැය ගාණක් ඔහු වැතිරී සිටිනවා .ඔහු නැගිට්ටවන්න ting pei උත්සාහ කෙරුවත් සාර්ථක වෙන්නේ නැ . ඉන්පසුව ඔහුගේ නිෂ්පාදක වරයා හට ඇය දැනුම් දෙනවා . ඉන් අනතුරුව ඔහුව රෝහල් ගත කෙරුවත් ඒ වනවිටත් ඔහු මියගොස් තිබුනා .
මරණයට හෙතුව ලෙස දැක්වුනෙ අධික ලෙස මොලයේ ඇතිවු ඉදිමාවයි.මරණ පරික්ෂණ වාර්ථාව අනුව ඔහුගේ මරණයට හෙතුව ලෙස දැක්වුනෙ allergic reaction එකක් . නමුත් ආසාත්මිකතාවයකදි ඇතිවෙන අනිත් ලක්ෂණ ඔහුගෙන් පිලිබිඹු උනේ නැ .
සමහරු තර්ක කරන්නේ හෘදයාබාධයක් විය හැකි බවයි. හෙතුව ඔහුට ඊට කලින් enter the dragon නැවත හඩකැවිම් කරන විට හෘදයාබාධයක් ඇතිවෙලා තිබුනා .ඉතින් දෙවෙනි වර ඇතිවිමට ලොකු ඉඩක් තියෙනවා .
නමුත් බොහොමයක් betty ting pei හට චොදනා එල්ල කෙරුවෙ ඇය ලීට වස දුන්නෙ යැයි කියා. එයට හෙතුවක් උනෙ බොහෝ අය කියන පරිදි ඇය යම් රහසිගත සංවිධානයක් සදහා වැඩ කරමින් හිටියා .ඔවුන්ට බෘස්ලි මරන්න උවමනාවක් තිබුනා කියන එක .
නමුත් මේ මොන මතයටත් වඩා ජනප්‍රිය මතය උනෙ මිත්‍යා මතයක් වූ පදනමක් නොමැති පවුලට තිබුනා කියන සාපය .එයට හෙතුව වුනෙ අඩු වයසින්ම ඔහුගේ පුතත් මියයැම .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here