හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබෙනවා.
සති 02ක සංචාරයක් සඳහායි හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ අලුයම 1.20ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත්තේ.
සිය පවුලේ සාමාජිකයන් සමඟ සති 02ක කාලයක් අමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා ලබන මස 12 වනදා නැවතත මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ