Home Politics ”එජාපය සමඟ ජාතික ආණ්ඩු නෑ” – එජනිස මහ ලේකම් මහින්ද අමරවීර

”එජාපය සමඟ ජාතික ආණ්ඩු නෑ” – එජනිස මහ ලේකම් මහින්ද අමරවීර

277
0

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර යළිත් කිසිදු ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර ඊයේ (27) කියා සිටියා.

ආණ්ඩු පක්‍ෂයේ ඇමතිවරයකු ජාතික ආණ්ඩුවක් ගැන මාධ්‍යයේ සඳහන් කළ ද ඒ පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡුාවක් පවත්වා නැති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප‍්‍රකාශයක් බවත් මහ ලේකම්වරයා සඳහන් කර සිටියා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඇමතිකම් දුන්නද එයින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමක් සිදුනොවන බවත් මේ මොහොතේ ජාතික ආණ්ඩු සෑදීමේ කිසිදු අවශ්‍යතාවක් ශී‍්‍රලනිපයට නොමැති බවත් ඔහු කියා සිටියා.

ජාතික ආණ්ඩුවක් සාදන්නේ නම් ඒ පිළිබඳව මුලින්ම දැනගන්නේ තමන් බවයි මහ ලේකම්වරයා කියා සිටියේ.

එම නිසා ජාතික ආණ්ඩු කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අරුණ බෝගහවත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here