ශ්රී ලංකාවාසී සමස්ත සංඝ ශාසනයටත්, රටවාසී මුළුමහත් බෞද්ධ ජනතාවටත් ගෞරවයක් කීර්තියක් මෙන්ම මහත් වූ අභිමානයක් එක් කරමින් ‘රාජකීය තායි අශෝක ස්වරණරාජ සම්මානය‘ ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති, ශ්රී ලංකා අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක ධුරන්දර වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ වෙත ප්රදානය කර තිබෙනවා.
ලෝකවාසී බෞද්ධ රටවලට වසරකට වරක් මෙම සම්මානය ප්රදානය කරනු ලබනවා.
සරලී කිටියාකාර තායි රාජකුමරිය අතින් රාජකීය තායි හමුදා මූලස්ථානයේ පසුගිය දා පැවැති සම්මාන ප්රදානෝත්සවයේ දී මෙම සම්මානය පිළිගන්වනු ලැබුවා.
වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ කොළඹ, කොටහේන දීපදුත්තමාරාම තායි රජමහ විහාරය සහ වස්කඩුව රාජගුරු ශ්රී සුභූති මහා විහාරයන්හි අධිපති හිමියන් ලෙස කටයුතු කරනු ලබනවා.