වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 15 දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මාපියෝ පිරිසක් අද (27) එම විද්‍යාලය ආසන්නයේ ප්‍රධාන මාර්ගය අයිනේ සකස් කර තිබූ අට්ටාලයක් මත නැඟ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
මෙම උපවාසය සඳහා වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ශයේ පළමු ශ්‍රේණිය සඳහා ඉල්ලුම් කර ඇති දරුදැරියන්ගේ මාපියෝ පිරිසක් එක්ව සිටිනවා.
විද්‍යාලය අයත් වන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේම ස්ථිර පදිංචිය සහිත අයවලුන්, ආදි ශිෂ්‍ය පදනම මත අයැදුම් කර ඇති අයවලුන් සහ සහෝදර පදනම මත ඉල්ලුම් කර ඇති අයවලුන්ගෙන් කොටසක් මෙලෙස අසාධාරණ ලෙස විද්‍යාලයට ඇතුළත් කර ගෙන නොමැති බවයි මව්පියන් පවසන්නේ.
අනීෂා මානගේ