ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායි වලින් පිටුවහල් කර තිබෙන බව වාර්තා වනවා.
මෙලෙස අනෙක් පුද්ගලයා වන්නේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ලලිත් කුරේ නැමැත්තායි.
ඊයේ (26) මෙලෙස දෙදෙනා පිටුවහල් කර ඇති අතර අද (27) අලුයම එම දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.