Home Local කොරියානු රැකියා විභාගයට අයදුම්පත් කැදවයි

කොරියානු රැකියා විභාගයට අයදුම්පත් කැදවයි

1353
ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම්පත් නිකුත් කිරීම 2019.03.26 දින ආරම්භ විය. අයදුම්පත් නිකුත් කිරීම 2019.03.29 දින දක්වා කාර්යාංශයේ මධ්‍යස්ථාන 18කදී සිදුකෙරේ.
අයදුම්පත් නිකුත් කිරීමේ පළමු දින වන ඊයේ දින (2019.03.26) අයදුම්පත් 4998ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප්‍රමාණය නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙනි.
දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම් හා ධිවර අංශයන්හි රැකියා සදහා මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදුකෙරේ.
අයදුම්පත් නිකුත් කරනු ලබන කාර්යාංශයේ මධ්‍යස්ථාන පහත පරිදි වේ.
දිස්ත්‍රික්කයමධ්‍යස්ථානය
01අනුරාධපුරශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පළාත් කාර්යාලය, අංක 395/12 ඒ,මුදිත මාවත, කඩපනහ, අනුරාධපුරය (දු. අංක 025-2223464)
02කුරුණෑගලශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පළාත් කාර්යාලය, අංක 235/32,විජයබා මාවත, මීගමු පාර, කුරුණෑගල (දු. අංක 037-2225854)
03මහනුවරශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පළාත් කාර්යාලය, අංක 353,කෙහෙල්වල, කිරිබත්කුඹුර (දු. අංක 081-2068104)
04බදුල්ලශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විගමණික සම්පත් මධ්‍යස්ථානය,අංක 204, බදුල්ල පාර, හාලිඇල (දු. අංක 055- 3053760)
05රත්නපුරශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පළාත් කාර්යාලය, අංක 89/6,විද්‍යාල මාවත, හිදැල්ලන, රත්නපුර (දු. අංක 045-2232429)
06වවුනියාවශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 56,දුම්රියපොළ පාර, වෛරවපුලියන්කුලම, වවුනියාව (දු. අංක 024-2225909)
07කළුතරශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විගමණික සම්පත් මධ්‍යස්ථානය,බණ්ඩාරනායක මාවත, මතුගම වත්ත, මතුගම (දු. අංක 034-22471880)
08ගාල්ලශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 289,කොළඹ පාර, මහමෝදර, ගාල්ල (දු. අංක 091-2235828)
09පොළොන්නරුව           ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 63, නව නගරය, පොළොන්නරුව (දු. අංක 027-2227499)
10ත්‍රිකුණාමලය    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 344, 4 වන සැතපුම් කණුව, නුවර පාර, ත්‍රිකුණාමලය (දු. අංක 026-2242107)
11හම්බන්තොටශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විගමණික සම්පත් මධ්‍යස්ථානය,යායවත්ත, ගොඩිගමුව (දු. අංක 047-2240667)
12ගම්පහසහන පියස මධ්‍යස්ථානය, අංක 101/5/3, මීගමු පාර, කටුනායක(දු. අංක 011-2259952)
13කොළඹශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 241/1,පරණ පාර, පන්නිපිටිය (දු. අංක 011-2846904)
14මාතලේශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 03,නිශ්ශංක මාවත, දඹුල්ල (දු. අංක 066-2284074)
15අම්පාරශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 23/58 ඒ,ගැමුණුපුර, අම්පාර (දු. අංක 063-2223413)
16පුත්තලමශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, මයියක්කුලම,කොළඹ පාර, හලාවත (දු. අංක 032-2224056)
17මඩකලපුවශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 435/1,කන්නකායි අම්මන් කෝවිල් පාර, මඩකලපුව (දු. අංක 065-2228770)
18යාපනයශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානය, අංක 56,චැපල් වීදිය, යාපනය (දු. අංක 021-2220682)
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් ලබාගැනීම සදහා විභාග අපේක්ෂකයා පෞද්ගලිකව ඉදිරිපත් විය යුතුය.
දකුණු කොරියානු රැකියා ලබාදෙනු ලබන්නේ කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යාංශය මගින් වන අතර, එම රැකියා පරිපාලනය කරන ලබන්නේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගිනි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි සම්බන්ධිකරණ කටයුතු සිදුකරයි.
දකුණු කොරියානු රැකියා සදහා ඊට අමතරව කිසිදු පුද්ගලයෙකුට මැදිහත්විය නොහැකි අතර, කොරියානු රැකියා සදහා වෙනත් අතරමැදි පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. කොරියානු රැකියා සදහා අයදුම්පත් නිකුත් කිරීම පිළිබදව වැඩිදුර තොරතුරු අදාළ මධ්‍යස්ථානයේ දුරකථන අංකය අමතා ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here