Home Local අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි – PHOTOS

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි – PHOTOS

247
0

බගවන්තලාවේ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ ඊයේ (26) පස්වරු 6.30ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදියි.

ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයේ එන්ජිම දෙසින් හටගත් ගින්න ක්ෂණිකව ත්‍රිරෝද රථය පුරා පැතිර ගිය බවත්, ත්‍රිරෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියදුරා පමණක් එහි සිට ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ.

ත්‍රිරෝද රථයේ විදුලි කාන්දුවක් ගින ගැනිමට හේතු වි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය සැකපළ කරනවා.

ගිනි ගැනිම හේතුවෙන් ත්‍රිරෝද රථය අලුත්වැඩියා කිරිමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත්, ත්‍රිරෝද රථය ගිනි ගැනිමෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවලට තරමක බාධාවක් සිදු වු බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පැවසුවේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here