Home World චාල්ස් කුමරු සහ කැමිලා කියුබාවේ ඓතිහාසික සංචාරයක – PHOTOS

චාල්ස් කුමරු සහ කැමිලා කියුබාවේ ඓතිහාසික සංචාරයක – PHOTOS

723
0

බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා පාකර් කියුබාවේ සංචාරයක්‌ ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කියුබාවේ නිල සංචාරයක්‌ සිදුකළ බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රථම සාමාජිකයන් වන්නේ ද මොවුන් දෙදෙනා බවයි.

මොවුන්ගේ කුමන්ත්‍රණය සීතල යුධ සමයේ සතුරන් වූ එක්සත් රාජධානිය සහ කියුබාව අතර සමීප සම්බන්ධකම් යළිත් ගොඩනගා ගැනීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Prince Charles and Camilla standing near an image of late revolutionary hero Ernesto "Che" Guevara

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය රාජකීයයන්ගේ මෙම ගමන අමෙරිකා එක්‌සත් ජනපදයේ නොසතුටට හේතු වී ඇති කරුණක් බවයි සඳහන් වන්නේ.

එසේම වෙනිසියුලාවේ සමීපතම රටක්‌ ලෙස ද කියුබාව කටයුතු කිරීම අමෙරිකාවේ විරෝධයට හේතු වී තිබෙනවා.

Image result for Prince Charles and Camilla make history in Cuba

බැරක්‌ ඔබාමා ජනාධිපතිවරයා කියුබාව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ ද ඒ සියල්ල වෙනස්‌ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියුබාවට එරෙහි දැඩි ප්‍රතිපත්තියක සිටිනවා.

ඔබාමා විසින් ලිහිල් කළ වෙළෙඳ හා සංචාර සම්බාධක ට්‍රම්ප් විසින් යළිත් පනවා තිබෙනවා.

මෙම යුවළ කියුබාවේ ජාතික වීරයකු, රචකයෙකු හා කවියෙකු වන ජෝසේ මාර්ටි (Jose Marti) වෙනුවෙන් පූජෝපහාර දැක්වීම සඳහා ද සහභාගීව තිබෙනවා.

Prince Charles lays a wreath at Revolution Square in Havana on March 24, 2019.
Related image
Image result for Prince Charles and Camilla make history in Cuba
Image result for Prince Charles and Camilla make history in Cuba

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here