Home Local හමුදා ඇඳුමට සමාන ‘කැමා ඇඳුම්’ අඳින, විකුණන අයට මාස 06ක සිර දඬුවම්

හමුදා ඇඳුමට සමාන ‘කැමා ඇඳුම්’ අඳින, විකුණන අයට මාස 06ක සිර දඬුවම්

820
0

ත්‍රිවිධ හමුදා නිලධාරීන් භාවිත කරන නිල ඇඳුමට (කැමා ඇඳුම්) සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා පියවර ගන්නා බව යුද හමුදාව පවසනවා.

හමුදා පනතට අනුව හමුදාව භාවිත කරන නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දඩ හෝ මාස 06ක සිර දඬුවම් නියම කළ හැකි බවයි ඊයේ (25) ‘රැස’ කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු පැවසුවේ.

හමුදා නිල ඇඳුම් රෙගුලාසි යටතේද හමුදා නිල ඇඳුම් හෝ නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කිරීමට නීතිමය බාධා පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

විශේෂයෙන් රට තුළ විවිධ අවස්ථාවලදී පාතාල කල්ලි සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී හමුදා ඇඳුමට සමාන ඇඳුම් විශාල වශයෙන් හමු වී ඇති නිසා මෙවැනි නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

“හමුදා ඇඳුම් සිනමා නිර්මාණයකට යොදාගන්නවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර තිබෙනවා. මේක එක් අතකින් යුද හමුදාවේ අභිමානය සම්බන්ධ ගැටලුවක්. අනෙක් අතින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක්. මේ සම්බන්ධයෙන් යුද හමුදාව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටිනවා.” යයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

උපුටා ගැනීම – රසිකා හේමමාලි (රැස පුවත්පත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here