Home Local ශ්‍රී ලන්කන් යානයක් හදිසියේම රුමෙනියාවට ගොඩබස්වයි

ශ්‍රී ලන්කන් යානයක් හදිසියේම රුමෙනියාවට ගොඩබස්වයි

360
0

ලන්ඩන් සිට කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර හෙන්රි කොඅන්ඩා ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බැස්වීකට ලක්කර තිබෙනවා.

මෙම ගුවන් යානය ඊයේ (25) දින දහවල් 1.30ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට නියමිතව පැමිණෙමින් තිබූ අතර එහි මගීන් 195ක් සහ කාර්යය මණ්ඩලය 18ක් සිටි බවයි ශ්‍රී ලන්කන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

ගුවන් යානය බුකාරෙස්ට් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ වහාම එරට වෛද්‍යවරුන් මෙම ගුවන් යානය වෙත පැමිණ මෙම ගුවන් මගියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබෙනවා.

එම ගුවන් මගියා පෙළෙමින් තිබූ වකුගඩු රෝගී තත්වය මේ වනවිට යම් මට්ටමක සුව අතට හැරී ඇති බවයි රුමේනියාවෙන් වාර්තා වන්නේ.

ගුවන් යානය ගොඩ බැස්සවීමෙන් පසු යළි පිටත්වීම සදහා සිදුකළ යුතු ඉංජිනේරුමය පරීක්ෂා කිරීම් , අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු , ඉන්ධන පිරිවීම් සහ ගුවන් යානය පිළිබඳව ලියකියවිලි සකස් කිරීම සදහා තවත් අමතර කාළයක් වැය වී තිබීම නිසා , මෙම ගුවන් ගමන සදහා නියමිත පියාසර කාළය ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ තත්වය නිසා මෙම ගුවන් යානයේ ගමන් කළ මගීන් සහ කාර්යය මණ්ඩලය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර අසළ හෝටල් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here