Home Local රජයට මිලියන 50ක් පාඩු කළ පිළිකා එන්නත තහනම් කරයි

රජයට මිලියන 50ක් පාඩු කළ පිළිකා එන්නත තහනම් කරයි

287
0

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් රජයට රුපියල් මිලියන 50ක පාඩුවක් සිදුකරමින් එක්තරා බහුජාතික බෙහෙත් සමාගමකින් මිලදී ගෙන ඇති අධි මිල පියයුරු පිළිකා එන්නත් තොගයක් තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න විසින් පියවර ගෙන තිබෙනවා.

අදාළ බහුජාතික බෙහෙත් සමාගමෙන් පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසද ඇමැතිවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම්. රූමි වෙත උපදෙස් දී ඇති බව සඳහන්.

පිළිකා බෙහෙත් මිල අඩුකිරීමේ තීරණයක සිටින අවස්ථාවේදී ඖෂධ නීතිගත සංස්ථාව විසින් එක් එන්නතක් රුපියල් පන්ලක්ෂ පනස්දහසකට මිලදී ගැනීම යෝග්‍ය නොවන බවයි ඊයේ (25) මාතලේ නගරයේ ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ටෙන්ඩර් 02ක් ඉදිරිපත් කර අදාළ එන්නත් තොගය මිලදී ගෙන ඇති අතර මෙම එන්නතට සමාන තවත් අඩු මිල එන්නත් වෙළෙඳපොළේ පවතින බවද ඔහු අවධාරණය කර සිටියා.

මෙම තහනම් කළ පියයුරු පිළිකා එන්නත් සැපයූ සමාගම මෙයට පෙරද එන්නතක් රුපියල් දෙලක්ෂ අසූපන්දහසක් වැනි වැඩි මිලකට සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා ඇතැයි කී ඇමැතිවරයා නව එන්නතෙහි සුළු වෙනසක් කර වෙනත් නමකින් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එම එන්නත ලියාපදිංචි කර ගතවී ඇත්තේ දින ගණනක් බවත් පැවසුවා.

ඒමන්ති මාරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here