පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම ගෝලයා බව කියන කැළුම් ඉන්දික සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු තවත් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇතැයි වාර්තා වනවා.
මෙම පුද්ගලයන් මධුෂ්ගේ පාතාල කල්ලිය සමඟ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ කැළුම් ඉන්දික නමැති පාතාල ප්‍රබලයා සතුව තිබී සොයාගත් ජංගම දුරකථන සිම් කාඞ්පත් 500කට අධික ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන පැවැත්වීමේදීයි.
මේ අතර කැළුම් ඉන්දික අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ජාවාරම්කරුවන් 12දෙනකු අතුරුදන් වී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු