Home Hit ප්‍රදේශ කිහිපයක අද දැඩි උණුසුමක් – කාලගුණයෙන් ඉල්ලීමක්

ප්‍රදේශ කිහිපයක අද දැඩි උණුසුමක් – කාලගුණයෙන් ඉල්ලීමක්

390
0

වයඹ පළාත, මන්නාරම, ගම්පහ සහ කොළඹ දිස්ති‍්‍රක්කයේ ස්ථාන බොහොමයකට අද (26) දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අඟවනවා.

මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

වැඩ බිම් තුළදී ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත් නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, රථ වාහන තුළ කුඩා දරුවන් තනිව රඳවා නොතබන ලෙස සහ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරමින් සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇඟලූම් භාවිතයේදී සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසද ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here