Home Local නිට්ටෑවකු කියා මනාලිය මනාලයාගේ මුහුණ පහුරු ගායි

නිට්ටෑවකු කියා මනාලිය මනාලයාගේ මුහුණ පහුරු ගායි

496
0

මධුසමය දා රාත්‍රී නිට්ටෑවෙකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරු ගා මහා ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න හෝටලයකින් වාර්තා වී තිබෙනවා.

වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි.

මංගල යෝජනාවකින් විවාහ පත්වූ මනාලයා පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතුවූවකු වන අතර මනාලිය රජයේ රැකියාවක නියුතු රූමත් තරුණියකි.

ඉකුත් සති අන්තයේ දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය මහ ඉහළින් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක ගෙන ඇති අතර සිය මධුසමය ගත කිරීම සඳහා දෙදෙනාගේම එකඟතාව මත තෝරාගෙන ඇත්තේ මහනුවරට තදාසන්නයේ පිහිටි හෝටලයකි.

රාත්‍රි භෝජනයෙන් පසු දෙදෙනා ඔවුන්ගේ ලෝකයේ තනිවූ අතර මධ්‍යම රාත්‍රිය ඉක්මයත්ම මනාලයා මුළු හෝටලයම දෙවනත් කරමින් කෑ ගසා මුහුණේ ලේ පෙරෙන තුවාල සහිතව පිළිගැනීමේ කවුන්ටරය වෙත දුවවිත් ඇත්තේ තම නිදි ඇඳුම පිටින්ම බවයි වාර්තා වන්නේ.

අනපේක්‍ෂිතව ඇතිවූ මෙම තත්ත්වය මත හෝටල් කාර්ය මණ්ඩලය ද කලබලවී කරුණු කාරණා සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ මනාලිය නින්දේ පසුවෙද්දී තමා හීනෙන් නිට්ටෑවෙකුගේ ග්‍රහණයට හසුවූ බව දැනී උගෙන් බේරීම සඳහා එම ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

ධම්මික ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here