Home Local ”බැඳුම්කරය ගැන ජනපති කොමිසම් වාර්තාවේ අගමැතිතුමාට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ” – අමාත්‍ය...

”බැඳුම්කරය ගැන ජනපති කොමිසම් වාර්තාවේ අගමැතිතුමාට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ” – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

298
0

බැඳුම්කරය පිළිබඳ ජනපති කොමිසම් වාර්තාවෙහි අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ, බැඳුම්කර ගනුදෙනුවේ මෙහෙයුම්කරු හා චූදිතයන් ආරක්ෂා කිරීම හා ඔවුන් රැකවල් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මැදිහත් වීම සම්බන්ධයෙන් සාක්ෂි පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කර්මාන්ත හා වාණිජ කටයුතුල දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය පිළිබද කැබිනට් නොවන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය අතරතුර කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීමේදීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියාසිටියේ ,

”අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කොමිසමක් පත්කර තිබෙනවා. එම කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ ගරු අග්‍රාමාත්‍යතුමාහට අබ මල් රේණුවකවත් චෝදනාවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් සිටි මෙම කොමිසම් වාර්තාවේ අග්‍රාමාත්‍යතුමා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක්ල චෝදනාවක් නැහැ.” යනුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here