Home Local ලසන්ත, තාජුඩීන් ඇතුළු 12කට නඩු නෑ

ලසන්ත, තාජුඩීන් ඇතුළු 12කට නඩු නෑ

297
0

පසුගිය කාලයේ වූ ජනතාවට සංවේදී සිදුවීම් 12ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතැම් සැකකරුවන්ට නඩු පැවරිය හැකි ආකාරයට විවිධ මට්ටම් වලින් විමර්ශන ආරම්භ කර ඇතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊට අදාළ උපදෙස් තවම ලබාදී නැතැයි සඳහන්.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම, රතුපස්වල වෙඩි තැබීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහර දීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම යන සිද්ධීන් සම්බන්ධ ලිපිගොනු ද ඒවා අතර තිබෙන බව තතු දත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී තිබෙනවා.

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය අදාළ විමර්ශන අනුව සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි විනාශ කිරීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරට එරෙහිව නඩු පැවරිය හැකි බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ විමර්ශන අනුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරට එම චෝදනා යටතේ නඩු පැවරිය හැකි බවත් එම ආරංචි මාර්ග අනුව වාර්තා වනවා.

ආර්. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here