Home Local ස්පාඤ්ඤ ජාතික තරුණියකට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට

ස්පාඤ්ඤ ජාතික තරුණියකට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට

319

ත්‍රිකුණාමලය, නිලාවේලි සංචාරක කලාපයට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවරයක් කල එම හෝටලයේ අයිතිකරු අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය පවසනවා.

වයස අවුරුදු 20ක් වන මෙම තරුණිය හෝටලයේ තනිවම ලැගුම් ගෙන සිටියදි හෝටලයේ අයිතිකරු රාත්‍රියේ පැමිණ මෙම ලිංගික අතවරය කල බවටයි ඇය පොලිසියට කල පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වු උප්පුවේලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බි.ඒ.පි.ආර්.ප්‍රේමලාල්ගේ මෙහෙයවිම මත එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ස්පාඤ්ඤ ජාතික තරුණිය වෛද්‍ය පරික්ෂණයක් සදහා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර උප්පුවේලි පොලිස් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here