මෙගාවොට් 2 – 5 බැඟින් වන කුඩා පරිමාණ සූර්ය බලශක්ති ඒකකයන් විසින් මෙගාවොට් 1500ක පමණ විදුලි සැපයුමක් ජාතික සැපයුමට ලබාදිය හැකි මට්ටමේ ඉල්ලුම්පත් 600ක් පමණ විදුලිබල අමාත්‍යංශයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට යොමුකර තිබුනද මේ දක්වා එම ඉල්ලුම්පත් සදහා කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට එම ආයතන අපොහොසත්වී ඇතැයි සූර්ය විදුලිබල කර්මාන්තකරුවන්ගේ සංසදය ප්‍රකාශ කර සිටියා.
ඒ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදීයි.
දහවල් කාලයේදී මෙගාවොට් 1500ක් සූර්ය බලයෙන් ජනනය කිරීම හරහා රාත්‍රී කාලයේදී භාවිතයට ගැනීමට ජල විදුලිය ඉතිරිකර ගත හැකි බවත් ඒ හරහා රටට විශාල ආර්ථික වාසියක් සිදුවන බවත් එම සංගමය පෙන්වා දෙනවා.