Home Environment වනන්තරය විනාශ කිරීමට ආ කැළෑ පාලූවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අපූරු මිනිසුන්

වනන්තරය විනාශ කිරීමට ආ කැළෑ පාලූවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අපූරු මිනිසුන්

748
0

ගහකොළ සතා සිව්පාවා කියන්නේ මේ ස්වභාවික පරිසරයේ සිටිය යුතු වැදගත් කොට්ඨාෂයක් නමුත් සමහරක් මිනිසුන්ගේ නොමනා ක්‍රියාකළාප නිසා අදවන විට මේ ස්වභාවික පරිසරය දුෂණය වෙලා හමාරයි.දිනෙන් දින සිදුවන වනාන්තර විනාශය නිසා අද වන විට මිනිසාට ජීවත්වීමට අත්‍යවශ්‍ය ඹක්සිජන්,ජලය පවා නොලැබී යාමේ අවදානමකට පත්ව තිබෙනවා.

කෙසේ හෝ මේ කියන්න යන්නේ පරිසර පාඩමක් ගැන නෙමේ මේ කියන්න යන්නේ වනන්තර විනාශ කිරීමට ආ කැළැ පැලුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අපූරු මිනිස්සු ටිකක් ගැන.හැබැයි මේක වෙලා තියෙන්නේ ලංකාවෙ එහෙම නම් නෙමේ ඇමසන් වනාන්තරයේ ගස් කැපීමට ආපු හොර දැව ජාවරාම් කාරයෝ කිහිපදෙනෙක්ට එහි පදිංචි Ka’apor Indian නැමති ස්වදේශික විරුවන්ගෙනුයි මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ.

කලකට ඉහතදි රජයෙන් වනාන්තර සඳහා ලැබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති කමෙන් එහි වෙසෙන ගෝත්‍ර කිහිපයක් එකතු වෙලා තමා මේ නම යටතේ මේ සංවිධානය පිහිටවාගෙන තියෙන්නේ.ඔවුන් ප්‍රකාශ කරන අන්දමට රජයේ අළස භාවය නිසා ඔවුන්ම එකතු වී ඔවුන්ගේ වනාන්තර ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසී සිටිනවලු.

කෙසේ හෝ ඔවුන්ට එම අවස්ථාවේ හසුවූ සියලුම ජාවාරම්කරුවන්ගේ වාහන උපකරණ සිල්ලම ඔවුන් විසින් ගිණිතබා තියෙනවා.එසේම අවසානයේ සියලු දෙනාගෙම කලිසම් ආදිය ගලවා ඇඳිවතත් නැතුව තමා ඔවුන්ව පාරට නිදහස් කර තිබෙන්නේ

ලංකාවෙත් විල්පත්තු වන සංහාරයත් රජයේ මැදිහත් වීමෙන් නවත්තනකම් බලන් හිටියොත් අපිටත් වෙන්නේ හොඳ කාන්තාර ටිකක් ලංකාවෙත් බලාගන්න තමා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here