Home Local ලංවිමයෙන් මවුස්සාකැලේ ජලාශයට කෘතිම වැසි – PHOTOS

ලංවිමයෙන් මවුස්සාකැලේ ජලාශයට කෘතිම වැසි – PHOTOS

511
0

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතියක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) දින ක්‍රියාවට නංවනු ලැබුවා.

ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියාසිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදෑසන ගුවන්ගත වු Y – 12 ගුවන්යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45ක කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාක්මක කරනු ලැබුවා.

1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදුකර ඇති බවයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.

ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප කැමරාවේ සටහන් වුණා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here