Home Politics ශ්‍රීලනිපය – පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අදයි

ශ්‍රීලනිපය – පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අදයි

352

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය 14 වනදා පැවැත්වුණා.

අද පැවැත්වෙන සාකච්ඡා වටය සඳහා සුභවාදීව මුහුණදීම සඳහා දෙපාර්ශවයම සුදානමින් පසුවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here